Subscribe:

ads

0784710755
a

Wednesday, December 19, 2012

සංගීත් විජේසුරිය-සැවැන්දරී

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුබ වෙනුවෙන්... 
කිසිවක් ලියන්නෙ නෑ ආයේ..
ගමකට හිතන්නෙ නෑ හිත ඇති මුත්
ළමාතැනී මම උබට ලියු හොර ලියුම් අපරාදේ ..


ළමාතැනීට හොර රහසේ ලියුම් ලියපු, බබර වගේ විසේකාර, සමනලය වගේ හැඩකාර , ඒ අපුර්ව හඩ අපි කවුරුත් හොදින් හදුනන"සංගීත් විජේසුරිය" නම් ආදරණීය ගායකයගෙයි.ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කල මොහු මේ දිනවල ස නි ධ ප සංගීත කණ්ඩායමේ නැතිවීම කාගේත් කනගාටුවට කරුණක් වී හමාරය.නව සංගිත පෙරලියක් කරමින් සංගිත දිවිය ආරම්බ කල සංගීත් විජේසුරිය බුලුෂැඩෝෂ් සංගිත කන්ඩායමේ සිරිය ලතා ගීතයෙන් සංගීත ලොලින් අතර ජනප්‍රිය වී,පසුව

ඉදුනිල් අන්ද්‍රමාන - කහ කිරිල්ලියේ

‘තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට
ආදරයට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව් නිවා ගන්නට’


 ඔහුට ඕනෑම මාදිලියක ගීත ගැයිය හැකිය. එපරිදිම ඔහු හොඳ ප්‍රසාංගික නිවේදකවරයෙකි. අත්‍යවශ්‍ය දේ තමාගේ  දැනුමේ මානයනට හසු කර ගන්නා ඔහු වේදිකාවේ හිඳ ඉතාමත් අලංකාර නිරවුල් බසින් සහෘද රසික කැල අමතයි...ඔහු නමින් 'ඉදුනිල් අන්ද්‍රමාන්න' ය..    -> 

Monday, December 17, 2012

බිතු සිතුවම් රූ මෙන් පැවතී

ගුණදාස කපුගේ මහතා විසින් ගායන කරන ලද අපුරු ගීතයක් තියෙනව හරිම ලස්සනයි .මිත්‍රත්වය ප්‍රේමය සමග මුසුවුණු අපුරු ගීතයක් .. එකම කෙල්ලෙකුට ආදරේ කරපු සිද්දියක් හරිම ලස්සනට වචන ලට ගලපල ගීතයෙන් ඉදිරිපත් කරල තියෙනව.ඇත්තටම එතුමාගේ ඒ උත්සහයනම් සාර්ථකයි..ඇත්තටම අද කාලේ මේ වගේ යාලුවෙක් හොයාගන්න හරිම අමාරුයි.ඔහුට මෙම ගීතය ගායන කරන්න සහය ගායකයෙක් ඉන්නවා ඒ තමා ඔහුගේ මිත්‍රයා දෙන්නම මේ කෙල්ලට ආදරේ කරලා ඒ දෙන්න අතර ඇති වෙන දෙබසක් මේක.. ඔයාලත් අහල බලල හිතෙන හැටියට ගීතයේ තේරුම මේකයි කියල පුංචියට කමෙන්ට් එකක් දාල යන්න ...සමහර අය දැනටමත් අහල ඇති .එහෙනම් අරන් අහල බලන්න. ගිහින් එන්නම් 

Saturday, December 1, 2012

මර්වින් පෙරේරා- සඳ මිදුලට එනවා

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

සුළ‍ඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා//



දේදුන්න අසීමිත සුන්දරත්වයකින් අහස සරසා, එය දකිනවුන්ගේ සිත්සතන් අප්‍රමාණ චමත්කාරයකින් පුරවා සමුගන්නා සේ මර්වින් පෙරේරා නම් වූ,
සුවිශිෂ්ට ගායකයා
සුදුර්ලභ සංගීතවේදියා
සුමධුර තනු රචකයා
ඒ හැමටම වඩා සුසංවේදී රසවතා අපෙන් සමුගෙන ඇත.
එනමුදු ශ්‍රී ලාංකීය ගීත හා සංගීත ක්‍ෂේත්‍රය තුළ මර්වින් පෙරේරා සළකුණ දේදුන්නක් සේ සැනෙකින් මැකී නොයනු ඇත. එය තව බොහෝ කල් රැඳී තිබෙන තරමට සුවිශේෂීය.

Friday, November 9, 2012

කවීෂ කවිරාජ් - පෙම්බරී

මට පෙම් බැඳ ලං ලංව  හද සනසමින් 
මගේ පන කෙන්ද ගනියන්න කව්දෝ ඇවිත් 
පෙමබරි මේ අසාපන් සුන්දරී මේ බලාපන් 
හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ 
මතු බවයේදී මගේ වෙන්ට සිතපන් ළඳේ 


අපි දුක වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මන් හුලන්නේ කෙලෙසින්ද නුබ නැති දුකින් 


කවීශ කවිරාජ් ගායනා කරන මෙම ගීතය ඔහුගේ පෙම්බරී නම් වූ සී ඩී තැටියෙ තියන ලස්සන සින්දුවක්..මොහු මෑත කාලයේ තාරුණ්‍යයේ ඉතාමත් ජනප්‍රිය වූ ගායකයෙක් කිවුවොත් නිවැරදී..අද ප්‍රසංග වේදිකාවල වල පවා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන මේ ගායකයාගේ පෙම්බරී නම් සී ඩී තැටිය අරන් තමා අද ආවේ.

වලාකුලෙන් හිරු මුවා කල විජය කුමාරතුංග

පාළු රැයකදි මුහුදු වෙරළේ...
තනිව හිඳිනා විට ඔහේ..
අහස මුදුනට සඳ ඇවිත් මට..
කියයි ඔබ ගැන කොඳුරලා...

කඳුකරේ සිටිනා මගේ පෙම්...
මිහිරියාවිය සිහිවෙලා..
කොළඹ නගරය හනික හැරදා...
එන්න හිතෙනවා පියඹලා....



සිංහල සිනමාවේ අසාහය පෙම්වතා වූයේ  ඔහු ය.ඔහුට හිමි වූ නෙත් බැඳගන්නා රූ සපුව ද, ඔහුගේ රංගන ශෛලිය ද, ඔහුටම ආවේණික වූවකි. මේ ජන හද තුළ නො නිඳා හිඳින විජය කුමාරතුංග නම් සොඳුරු මිනිසා ය.නමුත් මේ ප්‍රයත්නය විජය කුමාරතුංග නම් රංගන ශිල්පියා ගැන කතා කිරීමට නොව.විජය කුමාරතුංග නම් වූ අසහාය ගායකයාගේ මතකය නැවතත් අවදි කරන්නටය .

සනත් නන්දසිරි - නෑසෙන ගී රස



නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුනේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ..

යසෝදරා ,බෝ මළුවේ මල් ,විකසිත වත කමලේ වැනි ආදරණීය මෙන්ම ජීවිතේ ගැබුර , වැනි හැම කෝණයකින්ම ගීත රාශියක් ගායන කල ගාන්දර්වයෙක් කීවොත් මා නිවැරදී. මේ ගාන්ධර්වයා අනෙකකු නොව අප කා අතරත් ගෞරව ආදරයට හා සම්භාවනාවට පත් අසහාය කලාකරු සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාණන්ය.ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්ගෙන් ඇරඹී අමරදේවයන් හුදෙකලාව ගෙන ගිය හෙළ ගී සටනට සනත්, වික්‌ටර් දෙදෙනා කිසිවකුට නොදෙවැනි සම්මාදමක්‌ වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Wednesday, September 19, 2012

එඩ්වඩ් ජයකොඩි -- නව රිද්ම -=-

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැඟුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා



ශ්‍රී ලංකීය සුභාවිත සංගීතයේ ජයදද බැන්දූ හෙළ නම රැන්ඳූ සුපැහැදිලි හඬ පෞරුෂය ඔහුගේය. ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩි නම් වේ. නව අවුරු දු උදාවේදීද, බක්මගේ අසිරියේදීද, තෙමඟුලේ සඳරැස් ගලා හැලෙන සමයේද ඔහුගේ හඬ අපට සමීපය. හරය විනය දැක්ම සමග අපේකම, අව්‍යාජ ගැමිකම මෙන්ම පන්සලේ පල්ලියේ ආධ්‍යාත්මයද කර පින්නාගෙන ගීයට ළබැඳිව ඔහු ආ ගමන දශක තුනහමාරකට ආසන්නය.70 දශකය බොහෝ දෙනා හඳුන්වන්නේ මෙරට ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙසය. ගුවන් විදුලියේ “ප්‍රබුද්ධ ගී” වැඩසටහනට කරදිය ගැඹරේ ගීතය ගායනා කරමින් රසික ජනාදරයට පත්වූ එඩ්වඩ් ජයකොඩි ඒ යුගයේ පහළ වූ ගායන ශිල්පියෙකි.ඔහු විසින් එළිදක්වනු ලැබූ සුමියුරු ගීත එකතුවක් නව රිද්ම ලෙස ඔබට මෙසේ තිලින කරමි.

Sunday, September 2, 2012

චාමර වීරසිංහ , මා ආදර අම්මා .

තනුව අහිමි පෙම් කවියක නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
වියළි දෙතොල් පට උණු කඳුළකින් නෙතු තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා...


දකුනේ පින් ඇති, මතකයන් ඔබේ , සමාවෙලා , උස්‌සංගොඩ කදු මුදුනට , ගුරුගෙදරට,  මහළුමඩමේ කාංසියට,  සිතින් විතරක්‌,  ඔය සුසුම් පවන් වැදී , ගාඩි කෙල්ලෙ, සයුරේ වැනි ගීත විශා‍ල ප්‍රමාණයක්

Saturday, September 1, 2012

ටී.එම්. ජයරත්න සොඳුරු අතීතයෙ


මුළු ලොවම නැති උනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන් 
ඇත ඔබේ නාමයෙන් //

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්



ජනප්‍රිය ගායකයෙකු වන "ටී. එම්. ජයරත්න"1944 අප්‍රේල් මස 13 වන දින ශ්‍රි ලංකාවෙ දොඩන්ගොඩදී උපත ලැබීය.1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.ටී.එම්. ජයරත්න තම ගායන ජීවිතය පසුපෙල ගායන ශිල්පියෙකු ලෙස ආලම්භ කරන ලද්දේ, සුනිල් ආරියරත්න විසින් රචිත සහ ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කරනලද ලා හිරු දහසක් ගීතය ගායනා කිරීමත් සමගය.1978 වසරෙදි ඔහු ඔහුගේ මුල්ම කැසට් පටිය තරංගා වෙලුම 1 නමින් එලිදක්වන ලදී.

Sunday, August 19, 2012

කරුණාරත්න දිවුල්ගනේ "සංහිද පාමුල "


නෙතට උළෙලක් විය එදා ඔබ
කදුළු බිදුවක් වුව මෙදා
මේ තරම් සිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා

ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා


යනුවෙන් ආදරණීය ගීත රැසක් තිලින කල මේ ආදරණීය ගායකයා නමින් "කරුණාරත්න දිවුල්ගනේ '' ය .වඩාත් සංවේදී ත රසාඥතාවයෙන් පිරිපුන්  ජනසමාජයක් සදහා ගීතය තම ප්‍රමුඛ මාධ්‍ය ලෙස යොදාගත් මොහු මේ වන විට විශාල ගීත ප්‍රමාණයක් රසිකයන් වෙත තිලින කර ඇත.ඔය හැමෝටම ජීවිතේ හැමදාම රසවිදින්න පුලුවන් ගීත කිහිපයක් ඇති නේද.ඉතින් ඒ කිහිපය අපි හැමෝම එක්ක බෙදාගන්න පුලුවන්නම් අනිත් අයටත් ඒ ගීත රසවිදින්න පුලුවන්නේ. ඒක කොච්චර වටිනව.

Friday, August 17, 2012

ඩබ්ලිව්. ඩී. අමරදේව මියුරුසර


රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….
රෑ දුරු රට මේ…


පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් තවත් නොමැති තරම්ය. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ඈදෙන්නටම අමරදේවයන්ගේ හඞ ද මහා තනිකමක් කියාපායි. එතරම්ම අද්විතීය පද රචනයක් නොවූවත්, ආදරය දුරස්බව සහ තනිකම එකට ඈදා සැදි පේලි කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත..
වාන්නකුලවට්ටවඩුගේ දොන් ඇල්බට් පෙරේරා උපත ලැබුවේ 1927

Thursday, August 16, 2012

කසුන් කල්හාර . රොමැන්ටික් ඔපෙරා

ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..

ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී... 
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..


1982 ජූනි 17 වන දින මෙලොව එලිය දුටු මේ  ආදරණීය ගායකයා නමින් කසුන් "කසුන් කල්හාර ජයවර්ධන" ය .ශ්‍රී ලාංකික ගායකයෙක් හා සංගීතඥයෙකු ලෙස කීර්තිමත් නාමයක් දිනා සිටින මොහු මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M.ජයවර්ධනයන්ගේ ආදරණීය පුතණුවන්ය .

Friday, August 3, 2012

චාමර රණවක "මිහිතලය"

ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ හීතල නැතිදෝ අපෙ අම්මේ...
පාන්දරින් කිරි කපන්න යනකොට මට ඇඬෙනවා මගෙ සුදු අම්මේ..
පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ, හිත නුඹ ගැනමයි දිව යන්නේ..
මම ලොකු වීලා කාසි හොයනවා, එදාට දුක දෙන්නෑ අම්මේ...
---------------------

දුක හිතෙන්නෙ නෑ මට රන් මාල නෑ කියා
නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා
ඉරිච්ච පන් පැඳුර වියාගන්න බැරි නිසා
දුක හිතෙන්නෙ සිරි යහනක් අපට නැති නිසා..//
------------------------

මෙවැනි සුන්දර ගීත ගායන කරමින් මෑතකදී තරුණයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ චාමර රණවක නම් මෙම ගායකයා තමන්ටම ආවේනික විලාසයකින් ගීත ගායන කරන නව පරපුරේ ගායකයෙකි.

Thursday, August 2, 2012

ක්ලැරන්ස් හද රැදී ගී

ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ
ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා
සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා......

සරල සිද්දියක් තේමා කරගනිමින් ඒ තුලින් රසවත් නිර්මාණ ගණනාවක් අපට තිලින කල මේ ආදරණීය ගායක නමින් " ක්ලැරන්ස් විජේවර්ධන " නම් විය .... 1943 අගෝස්තු මස 3 වන දින උපත ලද මොහු  
classical music වලින් හොද ගීත විශාල ප්‍රමානයක් අපිට දීපු, ලංකාවෙ සංගීත විප්ලවයක් කරපු කෙනෙක්...
ශ්‍රී ලාංකීය පොප් සංගීත කණ්ඩායම් සදහා ඉලෙක්ට්‍රොනික ගිටාරය හදුන්වා දුන් මොහු 
ගීත රචනා කිරීම, තනු නිර්මාණය හා ගීත ගායනා කිරීමේ සුවිශේෂී ත්‍රිත්ත්ව හැකියාවකින් යුතු වූ සුන්දර ගායකයෙක් විය...එතුමා ගීත 1000 කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර තිබුනද        
එයින් අඩක්වත් අප අසා නැති බවනම් නොඅනුමානය ...සංගීත ලෝකයේ මහා පෙරලියක් ඇති කල මේ ආදරණීය ගායකයා 1996 දෙසැම්බර් 13වන දින අප අතරින් සමුගන්නා ව්ට  වයස අවුරුදු 53ක් විය ....මොහු එදා මෙදා තුර ගායන කල ගීත  කීපයක් ඔබට මෙසේ තිලින කරමි..

Saturday, July 28, 2012

ශිහාන් මිහිරංග ජනප්‍රිය ගී

මළ හිරු බැස යන යාමේ
සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව
සිත නෑ පිළිගන්නේ 
 හිනැහෙන්න  සෙව්වන්දියේ....

යනුවෙන් ආදරණීය ගීත ගණනාවක් ගායන කල ඔහු නමින් ශිහාන් මිහිරංග..
ශිහාන් මිහිරංග සිරස සුපර් ස්ටාර් කුළුඳුල් වැඩ සටහනේ ආකර්ශනීය තරුව කිව්වොත් වැරදි නැහැ. ශිහාන් සිරස සුපර්ස්ටාර්හි කැපී පෙනුන දස්කම් පෑ යෞවනියන්ගේ සිහින කුමරා වූ විශේෂයෙන්ම කාන්තා ආකර්ශනය නොමදව දිනාගත් ආදරණීය ගායකයෙක් කිවුවොත් එය නිවැරදී..කිරුල අහිමි උනත් සැබවින්ම තමන්ගේ හැකියාවන් ලොවල පෙන්වූ මේ ආදරණීය තාරුණ්‍යයේ ගායකයා ගායකයකු වශයෙන් මෙන්ම ගීත රචකයකු වශයෙන්ද කීර්තිමත් ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී සිටි  .. ගොඩක් දෙනෙක් ආදරය කරන ගොඩක් අය අහන්න ආස කරන මේ ආදරණීය ගායකයාගේ ගීත කීපයක් මෙලෙස ඉදිරිපත් කරන්නේ රසික හදවත් එ තරමටම ඔහුට ලංවුණා නිසාවෙනි ..
මෙහි ඇති සමහර සින්දු ඔයාල ලග ඇති.අහපු නැති ගීතත් ඇති..මේ ගීත ටිකත් ඔබේ රසවින්දනයට එකතු කරගන්න 

රූකාන්ත ගුණතිලක ජනප්‍රිය ගී

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ....
යොදුනක් ඈතින් උන්නත් මා.. මා  ඔබ ලග අම්මේ ...
සිංහල සංගීත කලාවේ නව  මාවතක් විවර කරමින් රසික සිත් ඇද බැද ගත් යෞවනයේ ආදරණීය ස්වරයේ හිමි කරු නමින් ඔහු "රූකාන්ත ගුණතිලක" ය ..
රූකාන්ත ගුණතිලක (1959 සැප්තැම්බර් 5 වන දින උපත ලද) ජනප්‍රිය ශ්‍රී ලාංකීය ගායකයකි, ගීත රචකයෙකි, සංගීතඥයෙකි. රූකාන්ත ඒකල ගායකයෙකු ලෙස තම ගායන වෘත්තීය ආරම්භ කළේ අසූව දශකයේ අග භාගයේදීය. රූකාන්ත ගුණතිලක ශ්‍රී ලාංකීය ජනප්‍රිය (පොප්) ගායන ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක වූ සංගීතවේදියෙකි. ඔහුගේ ගීත ඇල්බම පිටපත් 10000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ අලෙවි වී ඇත.

1976 දී ගීත රචකයකු ලෙස ජීවිකාව ගෙන ගිය රූකාන්ත තාම විසින්ම නිර්මාණය කරන ලද  "බඹර පහස" නම් වූ ගීතය  ගායනා කිරීමත් සමග 1985 වසරේ අග බාගයේ පටන් ගායකයකු ලෙස තම  ලෙස තම වෘත්තීය ආරම්භ කළේය ... ඔහුගේ ජනප්‍රිය ගීත කීපයක් ඔබට මෙසේ තිලින කරන්නට සිත් වුයේ තරුණ හදවත් වලට ඔහු ඒ තරම්ම සමීප වූ නිසායි . සමහර ගීතනම් ඔයාල අහලත් ඇති සමහර ගීත අහල නැතුවත් ඇති..අරන් බලන්න හොදද කියල.....
පහත සදහන් ගීත, ඇල්බමයක් ලෙස ලබාගත හැක .

Friday, July 27, 2012

ගුණදාස කපුගේ

බ්ලොග් එක පටන් ගත්ත ගමන්  ඉස්සෙල්ලම දාන්න හිතුවේ මම ගොඩක් ආදරේ කරන ගායකයෙක්ගෙ සිංදු කීපයක් ... අදාරණීය ස්වරයෙන් ඔබ අප ඇමතු ඒ අසහාය ගායකයා අන්  කිසිවෙකු  නොවේ,තාරුණ්‍යයේ හදට ලං උණ ,තාරුණ්‍යට ගී ගැයූ ආදරණීය ගායකයා නමින් "ඔහු ගුණදාස කපුගේ "
ඔහුගේ ගෑබුරු කටහඬ මෙරටසෑම ජනතාවක්ම හද බෑද ගත්තේ ,එදා මෙදා තුර පැවතුන දේශපාලන වාතාවනයට එරෙහිව විශාල හඩක් නැගූ මේ ආදරණීය කලාකරුවා  2003 අප්‍රේල් 03 වැනිදා  අප අතරින් සමු ගත්තේ ඇස්  වලට කදුලක් ඉතිරි කරමිනි ...එතුමන් එදා අප අතරින් සමු ගත්තත් තව සියවස් ගණනාවක් එතුමාගේ ඒ ස්වරය අප හදවත් තුල සදා රැදෙනු ඇත...
පළමු පොස්ට් එක විදිහට ඔයාලට කපුගේ ශුරීන්ගේ සිංදු 18 ක දෙන්න හිතුව .සමහර අය මේවා අහලත් ඇති.සමහර අය අහල නැතුවත් ඇති..

ඇරබුම

හා හා පුරා කියල බ්ලොග් එකක් පටන් ගත්ත...අලුත් සිංදු පරණ සිංදු හැම වර්ගේකම සිංදු දාන්න හිතාගෙන ඉන්නව ...කට්ටියගේ සහයෝගය ලැබුනොත් වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ ...මම හිතනවා සංගීතයට ආදරය කරන අය මාත් එක්ක එකතු වෙයි කියල ...ස්තුති