Subscribe:

ads

0784710755
a

Saturday, July 28, 2012

ශිහාන් මිහිරංග ජනප්‍රිය ගී

මළ හිරු බැස යන යාමේ
සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව
සිත නෑ පිළිගන්නේ 
 හිනැහෙන්න  සෙව්වන්දියේ....

යනුවෙන් ආදරණීය ගීත ගණනාවක් ගායන කල ඔහු නමින් ශිහාන් මිහිරංග..
ශිහාන් මිහිරංග සිරස සුපර් ස්ටාර් කුළුඳුල් වැඩ සටහනේ ආකර්ශනීය තරුව කිව්වොත් වැරදි නැහැ. ශිහාන් සිරස සුපර්ස්ටාර්හි කැපී පෙනුන දස්කම් පෑ යෞවනියන්ගේ සිහින කුමරා වූ විශේෂයෙන්ම කාන්තා ආකර්ශනය නොමදව දිනාගත් ආදරණීය ගායකයෙක් කිවුවොත් එය නිවැරදී..කිරුල අහිමි උනත් සැබවින්ම තමන්ගේ හැකියාවන් ලොවල පෙන්වූ මේ ආදරණීය තාරුණ්‍යයේ ගායකයා ගායකයකු වශයෙන් මෙන්ම ගීත රචකයකු වශයෙන්ද කීර්තිමත් ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී සිටි  .. ගොඩක් දෙනෙක් ආදරය කරන ගොඩක් අය අහන්න ආස කරන මේ ආදරණීය ගායකයාගේ ගීත කීපයක් මෙලෙස ඉදිරිපත් කරන්නේ රසික හදවත් එ තරමටම ඔහුට ලංවුණා නිසාවෙනි ..
මෙහි ඇති සමහර සින්දු ඔයාල ලග ඇති.අහපු නැති ගීතත් ඇති..මේ ගීත ටිකත් ඔබේ රසවින්දනයට එකතු කරගන්න 

රූකාන්ත ගුණතිලක ජනප්‍රිය ගී

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ....
යොදුනක් ඈතින් උන්නත් මා.. මා  ඔබ ලග අම්මේ ...
සිංහල සංගීත කලාවේ නව  මාවතක් විවර කරමින් රසික සිත් ඇද බැද ගත් යෞවනයේ ආදරණීය ස්වරයේ හිමි කරු නමින් ඔහු "රූකාන්ත ගුණතිලක" ය ..
රූකාන්ත ගුණතිලක (1959 සැප්තැම්බර් 5 වන දින උපත ලද) ජනප්‍රිය ශ්‍රී ලාංකීය ගායකයකි, ගීත රචකයෙකි, සංගීතඥයෙකි. රූකාන්ත ඒකල ගායකයෙකු ලෙස තම ගායන වෘත්තීය ආරම්භ කළේ අසූව දශකයේ අග භාගයේදීය. රූකාන්ත ගුණතිලක ශ්‍රී ලාංකීය ජනප්‍රිය (පොප්) ගායන ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක වූ සංගීතවේදියෙකි. ඔහුගේ ගීත ඇල්බම පිටපත් 10000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ අලෙවි වී ඇත.

1976 දී ගීත රචකයකු ලෙස ජීවිකාව ගෙන ගිය රූකාන්ත තාම විසින්ම නිර්මාණය කරන ලද  "බඹර පහස" නම් වූ ගීතය  ගායනා කිරීමත් සමග 1985 වසරේ අග බාගයේ පටන් ගායකයකු ලෙස තම  ලෙස තම වෘත්තීය ආරම්භ කළේය ... ඔහුගේ ජනප්‍රිය ගීත කීපයක් ඔබට මෙසේ තිලින කරන්නට සිත් වුයේ තරුණ හදවත් වලට ඔහු ඒ තරම්ම සමීප වූ නිසායි . සමහර ගීතනම් ඔයාල අහලත් ඇති සමහර ගීත අහල නැතුවත් ඇති..අරන් බලන්න හොදද කියල.....
පහත සදහන් ගීත, ඇල්බමයක් ලෙස ලබාගත හැක .

Friday, July 27, 2012

ගුණදාස කපුගේ

බ්ලොග් එක පටන් ගත්ත ගමන්  ඉස්සෙල්ලම දාන්න හිතුවේ මම ගොඩක් ආදරේ කරන ගායකයෙක්ගෙ සිංදු කීපයක් ... අදාරණීය ස්වරයෙන් ඔබ අප ඇමතු ඒ අසහාය ගායකයා අන්  කිසිවෙකු  නොවේ,තාරුණ්‍යයේ හදට ලං උණ ,තාරුණ්‍යට ගී ගැයූ ආදරණීය ගායකයා නමින් "ඔහු ගුණදාස කපුගේ "
ඔහුගේ ගෑබුරු කටහඬ මෙරටසෑම ජනතාවක්ම හද බෑද ගත්තේ ,එදා මෙදා තුර පැවතුන දේශපාලන වාතාවනයට එරෙහිව විශාල හඩක් නැගූ මේ ආදරණීය කලාකරුවා  2003 අප්‍රේල් 03 වැනිදා  අප අතරින් සමු ගත්තේ ඇස්  වලට කදුලක් ඉතිරි කරමිනි ...එතුමන් එදා අප අතරින් සමු ගත්තත් තව සියවස් ගණනාවක් එතුමාගේ ඒ ස්වරය අප හදවත් තුල සදා රැදෙනු ඇත...
පළමු පොස්ට් එක විදිහට ඔයාලට කපුගේ ශුරීන්ගේ සිංදු 18 ක දෙන්න හිතුව .සමහර අය මේවා අහලත් ඇති.සමහර අය අහල නැතුවත් ඇති..

ඇරබුම

හා හා පුරා කියල බ්ලොග් එකක් පටන් ගත්ත...අලුත් සිංදු පරණ සිංදු හැම වර්ගේකම සිංදු දාන්න හිතාගෙන ඉන්නව ...කට්ටියගේ සහයෝගය ලැබුනොත් වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ ...මම හිතනවා සංගීතයට ආදරය කරන අය මාත් එක්ක එකතු වෙයි කියල ...ස්තුති