Subscribe:

ads

0784710755
a

Saturday, May 4, 2013

වික්ටර් රත්නායක ගී එකතුව

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ


එක්‌දහස්‌ නවසිය හතළිස්‌ දෙකේ පෙබරවාරි මස දහඅට වැනිදා කඩුගන්නාවේදී ජන්ම ලාභය ලත් වික්‌ටර් රත්නායක සංගීතයට අත් පොත් තැබුවේ මුල්ගම්පොළ එම්.ජී.පී. කලායතනයෙහි සංගීත ආචාර්ය සිරිල් පෙරේරාණන් වෙතිනි. ඒ, එක්‌දහස්‌ නවසිය පනස්‌ හතේදීය. තවත් තුන් වසරක්‌ ගත වූ තැන ප්‍රවීණ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන් එවක මහනුවර ලේක්‌ සමාජ ශාලාවේදී ඉදිරිපත් කළ සංගීත ප්‍රසංග වාරවලදී ගායන ශිල්පියකු - හා වාදන ශිල්පියකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ඔහුට ලැබිණ. එක්‌දහස්‌ නවසිය හැට එකේදී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව ශාස්‌ත්‍රොaද්ග්‍රහණයෙහි නියුක්‌ත වූ වික්‌ටර් රත්නායක සංගීත ගුරුවරයකු ලෙස සිය මුල්ම පත්වීම ලබන්නේ බණ්‌ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයටය. ඒ එක්‌දහස්‌ නවසිය හැට හයේදීය.
වික්‌ටර් රත්නායක ගී තනු නිර්මාණය මෙන්ම සංගීත සංයෝජනය විෂයෙහිද අභිනව වූත් ආකර්ෂණීය වූත් වෙනසක්‌ ඇති කළ - ගීත නිර්මාණ කාර්යයෙහි විපුල විභාවන ශක්‍යතා ස්‌වකීය නිර්මාණ මඟින්ම සනාථ කළ සංගීතවේදියෙකි. ඔහුගේ ගී තනු රචනා හා සංගීත සංයෝජන විධි විලාස ඔහුට පසුව ආ රෝහණ වීරසිංහ ඇතුළු සංගීතවේදීන්ට සන්මාර්ගය දක්‌වාලු නිර්මාණයෝ වෙති. සිංහල ගීත නිර්මාණ කලාව විෂයෙහි සංගීතවේදියකු ලෙස වික්‌ටර් රත්නායකගේ සම්මාදම අතිශය සුවිශේෂ එකක්‌ වන්නේ එබැවිනි.


ප්‍රේම ගීත , මවු ගුණ ගී , විරහ ගී අතුලු විශාල ගීත ප්‍රමාණයක් ගානය කල මේ නිහතමානි ගායකයාගේ ගීත කීපයක් අද දෙන්න හිතාගෙන ආවේ.
**පුංචි ප්‍රස්නයක් තියෙනව .....පුංචි ඇත වැරදීමක් නිසා ගීත ඇල්බම් එකේ තියන ගීත නාමාවලිය අද දාන්න වෙන්නෙ නෑ...
එත් බයවෙන්න එපා ලස්සන ගීත ටිකක් තියෙන්නෙ..අරන් අහලම බලන්න

ඇල්බම් එක බාගන්න මෙතන කොටන්න 

***ඇල්බම් එක අන්ශිප් කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් allmp3songss කියල දෙන්න 

****එහෙනම් ගිහින් එන්නම් අදහස් උදහස් යෝජනා චෝදාන කමෙන්ට් එකකින් දාල යන්න අමතක කරන්න එපා .. පුලුවන්නම් ජොයින් වෙන්න .........එහෙනම් ගිහින් එන්නම් *******


2 comments:

Prasanna HD said...

Good work Dude.... Thanks

Anonymous said...

Looking for a job in Sri Lanka? Aluth.info is the Best place to find a jobs such asTop Jobs, Government Jobs, Dinamina Jobs, Lakbima Jobs, Silumina Jobs, Aluth Jobs, job vacancies in sri lanka telecom, job vacancies in sri lanka banks, pan asia bank vacancies in sri lanka

Post a Comment