Subscribe:

ads

0784710755
a

Sunday, January 6, 2013

ආත්මා ලියනගේ -ලියතඹරා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..


දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

මෙවර ‘ස්වර වර්ණ’ සිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අප සමඟ එක්වන්නේ තමන්ටම ආවේණික ශෛලියකින් ගී ගයමින් ගීත ලෝලීන්ගේ ආදරය දිනා ගෙන සිටින ගායන ශිල්පී ආත්මා ලියනගේ ය. දශක කිහිපයකට පෙර ගැයූ ‘ලියතඹරා’ - ‘එපා කඳුළැල් සලා’ - ‘මාලි’ ‘සමනොලියා’ වැනි රසබර ගීතයන්ගෙන් තවමත් මිහිර ගෙනෙන ආත්මා ගීතලෝලී නව පරම්පරාව අතරට එක්වූවේ රචිකා වාකිෂ්ඨ පද රචනය කළ ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’ ගීතය සමඟින් ය.