Subscribe:

ads

0784710755
a

Featured Posts

Wednesday, May 8, 2013

නන්දා මාලනී නෑසෙන ගී රස 01

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ....



ඉසුරින් කිත් යසසින් බබලන දා 
ඔබගේ බැනුමත් ගීයක් වේ..
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ......




නන්දා මාලනිය ශ්‍රී ලාංකීය සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත. එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.

නන්දා මාලනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව‍ යෞවන වියේදීකොළඹ කොටහේනට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය. ඇය ශ්‍රේෂ්ඨ ගුරුවරියක්වු අතර ශිෂ්‍යයින්ගේ ගුප්තවු කෞශල්‍යයන් තක්සේරු කරනලදි. ඇය මවකගේ භූමිකාවක් ගෙනගිය අතර කාව්‍යය තරඟයකින් නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ

Saturday, May 4, 2013

වික්ටර් රත්නායක ගී එකතුව

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ


එක්‌දහස්‌ නවසිය හතළිස්‌ දෙකේ පෙබරවාරි මස දහඅට වැනිදා කඩුගන්නාවේදී ජන්ම ලාභය ලත් වික්‌ටර් රත්නායක සංගීතයට අත් පොත් තැබුවේ මුල්ගම්පොළ එම්.ජී.පී. කලායතනයෙහි සංගීත ආචාර්ය සිරිල් පෙරේරාණන් වෙතිනි. ඒ, එක්‌දහස්‌ නවසිය පනස්‌ හතේදීය. තවත් තුන් වසරක්‌ ගත වූ තැන ප්‍රවීණ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන් එවක මහනුවර ලේක්‌ සමාජ ශාලාවේදී ඉදිරිපත් කළ සංගීත ප්‍රසංග වාරවලදී ගායන ශිල්පියකු - හා වාදන ශිල්පියකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ඔහුට ලැබිණ. එක්‌දහස්‌ නවසිය හැට එකේදී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව ශාස්‌ත්‍රොaද්ග්‍රහණයෙහි නියුක්‌ත වූ වික්‌ටර් රත්නායක සංගීත ගුරුවරයකු ලෙස සිය මුල්ම පත්වීම ලබන්නේ බණ්‌ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයටය. ඒ එක්‌දහස්‌ නවසිය හැට හයේදීය.
වික්‌ටර් රත්නායක ගී තනු නිර්මාණය මෙන්ම සංගීත සංයෝජනය විෂයෙහිද අභිනව වූත් ආකර්ෂණීය වූත් වෙනසක්‌ ඇති කළ

Saturday, April 27, 2013

ජගත් වික්‍රමසිංහ - සොඳුරු වසන්තෙ

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන්වී හඬා....
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ ඉතින්.....


මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ....
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා....



මාස ගානකට පස්සෙ තමා මේ පැත්තෙ ගොඩ වෙන්න අවස්තාවක් ලැබුනෙ..බ්ලොගේ මකුළු දැල් බලා තිබුනෙ නෑ පුදුමයි..මේ දවස් වල එක එක වැඩ නිසා බිසී හරියට..ඔන්න ඉතින් කාලෙකින්නෙ ආවේ ඒ හින්ද ටිකක් වැඩියෙන් දීල යන්න හිතුව... ඉස්සෙල්ලම දෙන්නම් "ජගත් වික්‍රමසිංහ" කියන සොදුරු ගායකයාගෙ සොදුරුම ගීත ටිකක් ඇතුලත් උන "සොඳුරු වසන්තේ " ඇල්බමේ...
මේක "එම් එන්ටර්ටෙට්මන්ස් " කියන ආයතනය හරහා තමා ප්‍රසිද්දියට පත් කරල තියෙන්නෙ.ඒ නිසා මේ ඇල්බම් එක මාකට් එකේ රුපියල් 500 ක් වත් වෙයි අඩුම වශයෙන්....
වැඩි කතා නැතුව සිංදු ටික පල්ලෙහා තියෙනව බාගෙන අහල බලලම ගුණ අගුණ කියන්නකො...

Sunday, January 6, 2013

ආත්මා ලියනගේ -ලියතඹරා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..


දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

මෙවර ‘ස්වර වර්ණ’ සිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අප සමඟ එක්වන්නේ තමන්ටම ආවේණික ශෛලියකින් ගී ගයමින් ගීත ලෝලීන්ගේ ආදරය දිනා ගෙන සිටින ගායන ශිල්පී ආත්මා ලියනගේ ය. දශක කිහිපයකට පෙර ගැයූ ‘ලියතඹරා’ - ‘එපා කඳුළැල් සලා’ - ‘මාලි’ ‘සමනොලියා’ වැනි රසබර ගීතයන්ගෙන් තවමත් මිහිර ගෙනෙන ආත්මා ගීතලෝලී නව පරම්පරාව අතරට එක්වූවේ රචිකා වාකිෂ්ඨ පද රචනය කළ ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’ ගීතය සමඟින් ය.

Wednesday, December 19, 2012

සංගීත් විජේසුරිය-සැවැන්දරී

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුබ වෙනුවෙන්... 
කිසිවක් ලියන්නෙ නෑ ආයේ..
ගමකට හිතන්නෙ නෑ හිත ඇති මුත්
ළමාතැනී මම උබට ලියු හොර ලියුම් අපරාදේ ..


ළමාතැනීට හොර රහසේ ලියුම් ලියපු, බබර වගේ විසේකාර, සමනලය වගේ හැඩකාර , ඒ අපුර්ව හඩ අපි කවුරුත් හොදින් හදුනන"සංගීත් විජේසුරිය" නම් ආදරණීය ගායකයගෙයි.ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කල මොහු මේ දිනවල ස නි ධ ප සංගීත කණ්ඩායමේ නැතිවීම කාගේත් කනගාටුවට කරුණක් වී හමාරය.නව සංගිත පෙරලියක් කරමින් සංගිත දිවිය ආරම්බ කල සංගීත් විජේසුරිය බුලුෂැඩෝෂ් සංගිත කන්ඩායමේ සිරිය ලතා ගීතයෙන් සංගීත ලොලින් අතර ජනප්‍රිය වී,පසුව