Subscribe:

ads

0784710755
a

Friday, November 9, 2012

වලාකුලෙන් හිරු මුවා කල විජය කුමාරතුංග

පාළු රැයකදි මුහුදු වෙරළේ...
තනිව හිඳිනා විට ඔහේ..
අහස මුදුනට සඳ ඇවිත් මට..
කියයි ඔබ ගැන කොඳුරලා...

කඳුකරේ සිටිනා මගේ පෙම්...
මිහිරියාවිය සිහිවෙලා..
කොළඹ නගරය හනික හැරදා...
එන්න හිතෙනවා පියඹලා....



සිංහල සිනමාවේ අසාහය පෙම්වතා වූයේ  ඔහු ය.ඔහුට හිමි වූ නෙත් බැඳගන්නා රූ සපුව ද, ඔහුගේ රංගන ශෛලිය ද, ඔහුටම ආවේණික වූවකි. මේ ජන හද තුළ නො නිඳා හිඳින විජය කුමාරතුංග නම් සොඳුරු මිනිසා ය.නමුත් මේ ප්‍රයත්නය විජය කුමාරතුංග නම් රංගන ශිල්පියා ගැන කතා කිරීමට නොව.විජය කුමාරතුංග නම් වූ අසහාය ගායකයාගේ මතකය නැවතත් අවදි කරන්නටය .


සිනමාවත්, කලාවත්, දේශපාලනයත්, එකිනෙකට නො පෑහෙන නමුදු සිනමාවේ රැ‍ඳෙමින් ම තම දේශපාලන දර්ශනය ඔහු ජනතාව සතු කළේ ය. ඒ කලාවෙන් ඔබ්බෙහි වූ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් 
නොව, වඩාත් යහපත් වූ දේශපාලන දැක්මක් කෙරෙහි ජනතාව පෙළගැස්වීමෙහිලා කලාකරුවක් සතු උතුම් යුතුකම වෙනුවෙනි.43 වන වියේදී ගාතනය වූ මේ අසහාය ගායකයාගේ ගීත තවමත් අප අතර නොමැරී පවතිනෙන්නේ ඔහුගේ ගීත ඒ තරමටම සුන්දර වූ නිසායි.
.ලාංකේය සමාජයේ මෑත ඉතිහාසයේ ජීවත් වූ අසීමාන්තික ජන ප්‍රසාදය දිනූ මිනිසාගේ  කටහඬින්, ගායන කෞශල්‍යයෙන් නිමැවුණු ගී වල සෞන්දර්ය  සහ රස මිහිර හඳුනන්නෙක්ද ඔබත්?කැමති අය බාගන්න ..පහතින් සදහන් ගීතයන් ඔබට එකින් එක බාගත කරගත හැකිය..

01- ඈත එහා ඔබ 
02- දෙවොල නිසලයි 
03- දුලීකා
04- එක වරක් ඔබට මා
05- ගඟ අද්දර 
06- කරඹ යායේ 
07-  මාල මුදු පලදා 
08- ගම්බද 
09- මිනි කිංකිනි 
10- නීල කොබෝ 
11- ඔබ නෙතු 
12 - ඔරු කඳ පාවී 
13- පාට සරුංගල් 
14- පායා සීත රැයේ 
15- පුංචි පැලත් මේ කාලේ 
16- රැල්ලෙන් රැල්ලට 
17 - සීගිරි ලාලිත 

අදාළ ගීතයන් එකින් එක බාගැනීමට පහසු අයුරින් ලින්කුව සකසා ඇත.බාගත කරගන්න  මෙතන කොටන්න

යම් හෙයකින් ගීත අන්ශිප් කිරීමට අවශ්‍ය වුවහොත්  allmp3songss යන මුර පදය බාවිතා කරන්න 
එහෙනම් ඔබේ අදහස්  උදහස් එහෙම කමෙන්ට් එකකින් දාලම යන්න...තවත් දවසක තවත් සුන්දර ගීත එකතුවකින් හමුවෙමු..සුබ දවසක් 



0 comments:

Post a Comment