Subscribe:

ads

0784710755
a

Monday, December 17, 2012

බිතු සිතුවම් රූ මෙන් පැවතී

ගුණදාස කපුගේ මහතා විසින් ගායන කරන ලද අපුරු ගීතයක් තියෙනව හරිම ලස්සනයි .මිත්‍රත්වය ප්‍රේමය සමග මුසුවුණු අපුරු ගීතයක් .. එකම කෙල්ලෙකුට ආදරේ කරපු සිද්දියක් හරිම ලස්සනට වචන ලට ගලපල ගීතයෙන් ඉදිරිපත් කරල තියෙනව.ඇත්තටම එතුමාගේ ඒ උත්සහයනම් සාර්ථකයි..ඇත්තටම අද කාලේ මේ වගේ යාලුවෙක් හොයාගන්න හරිම අමාරුයි.ඔහුට මෙම ගීතය ගායන කරන්න සහය ගායකයෙක් ඉන්නවා ඒ තමා ඔහුගේ මිත්‍රයා දෙන්නම මේ කෙල්ලට ආදරේ කරලා ඒ දෙන්න අතර ඇති වෙන දෙබසක් මේක.. ඔයාලත් අහල බලල හිතෙන හැටියට ගීතයේ තේරුම මේකයි කියල පුංචියට කමෙන්ට් එකක් දාල යන්න ...සමහර අය දැනටමත් අහල ඇති .එහෙනම් අරන් අහල බලන්න. ගිහින් එන්නම් 


බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී//
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමු ගමුද ඉතින් 
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්
මල කීවේ නෑ මට ඔබ පෙම් කල වග
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නැහැනේ
බිතු සිතුවම්……………
මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන් මට ඕනෑ මිතු දම
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ
බිතු සිතුවම්……………


ගීතය බාගන්න  මෙතන කොටන්න

**කපුගේ සමග මෙම ගීතය ගායන කරන අනිත් පුද්ගලයා කවුද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාල යන්න.මටනම් හිතෙන්නෙ "සුනිල් එදිරිසිංහ"වගේ කියල 


2 comments:

බට්ටි said...

මට නම් හිතෙන්නේ ඒ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඒ ගර්ල් එක්ක සම්බන්ධ කමක් තියෙනවා. අනිත් යාළුවා ඒ ගර්ල්ටම ආදරේ කරනවා. යාළුවෝ දෙන්නා ඒක දැනගන්නවා ඒ දෙන්නම ආදරේ කරන්නේ එකම කෙනාට කියලා. එක්කෙනෙක් කියනවා එයා අයින් වෙන්නම් අනිත් යාළුවට ආදරේ කරන් සතුටින් ඉන්න කියලා. ඒ ඒ දෙන්නගේ මිතුරු කම වෙනුවෙන්............ හරිද මන්දා මන් හිතුව විදිහ.

Anonymous said...

ලක්ෂ්මන් හේවාවිතාරණ

Post a Comment