Subscribe:

ads

0784710755
a

Saturday, December 1, 2012

මර්වින් පෙරේරා- සඳ මිදුලට එනවා

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

සුළ‍ඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා//



දේදුන්න අසීමිත සුන්දරත්වයකින් අහස සරසා, එය දකිනවුන්ගේ සිත්සතන් අප්‍රමාණ චමත්කාරයකින් පුරවා සමුගන්නා සේ මර්වින් පෙරේරා නම් වූ,
සුවිශිෂ්ට ගායකයා
සුදුර්ලභ සංගීතවේදියා
සුමධුර තනු රචකයා
ඒ හැමටම වඩා සුසංවේදී රසවතා අපෙන් සමුගෙන ඇත.
එනමුදු ශ්‍රී ලාංකීය ගීත හා සංගීත ක්‍ෂේත්‍රය තුළ මර්වින් පෙරේරා සළකුණ දේදුන්නක් සේ සැනෙකින් මැකී නොයනු ඇත. එය තව බොහෝ කල් රැඳී තිබෙන තරමට සුවිශේෂීය.


මරණය කාටත් පොදුය. මිනිස් දුබලකම් ද එසේමය. ලෝකයෙන් සමුගන්නා විට උරුමයක් ඉතිරි කොට තබා යා හැකි නම් එය ජයග්‍රහණයකි. මර්වින් පෙරේරා තම දිවි සැරිය අග උරුමයක් ඉතිරි කොට තබා යන අල්පතර මිනිසුන්ගේ ගණයට වැටෙන්නෙකි.


මෙවැනි සුන්දර ගායකයකුගේ ගීත කීපයක් ඔබ වෙත මෙලෙස ගෙන එන්නේ ඔහු අපෙන් සම්ගත්තද තවමත් ඔහුගේ මියුරු ස්වරය අප හදවත් තුලින් වියැකී නැති බව පසක් කරලීම පිණිසයි..ඔහුගේ සඳ මිදුලට එනවා නම් ගීත ඇල්බමය ඔබට මෙසේ තිලින කරන්නේ ඔහුගේ ගීත වලට ප්‍රිය කරන රසිකයන් වෙනුවෙනි 

ඇල්බමයේ ඇති ගීත පහතින් දක්වා ඇති අතර මෙම ඇල්බමය ගීතයෙන් ගීතය බාගත කර ගත හැකි අයුරින් සකස් කර ඇත.

01- සඳ මිදුලට එනවා 
02- එක් දිනක් සැන්දෑවක 
03- ඔබේ ආදරේ
04- ................
05- සඳ අප 
06- මා නෙතු දෑලේ 
07- වැහි වැහලා 
08- සඳ තනිවේ 
09- නිලුපුල් යුවලේ 
10- එක මොහොතක් 
11- ඔබ දේදුන්න 
12- දියළුම දිය ඇලි 
13- සිතෙන් සිතක් 
14- සැන්දෑවී 
15- නිල් නුවන් 
16- දෙනෙත හමුවෙලා 
17- ආදරේ රන් 


ඇල්බමය බාගත කරගන්න මෙතන කොටන්න 

එහෙනම් අදට සමුගන්නම්.තවත් මේ වගේ ලස්සන ගීත එකතුවකින් හමුවෙමු...ඔබගේ අදහස්, උදහස්, යෝජනා ,චෝදනා කමෙන්ට් එකකින් දාල යන්න අමතක කරන්නත් එපා.වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාන්න , ගිහින් එන්නම් 




2 comments:

රකුස් said...

මේකනම් පට්ට වැඩක් .සිරාවටම මේකේ ගොඩක් අයගෙ සිංදු තියනව..සේරම ඩවුන්ලෝඩ් කරගන්නව අද . (Y)

සුදු මහත්තයා said...

එලම එල අ ඈ

Post a Comment