Subscribe:

ads

0784710755
a

Sunday, August 19, 2012

කරුණාරත්න දිවුල්ගනේ "සංහිද පාමුල "


නෙතට උළෙලක් විය එදා ඔබ
කදුළු බිදුවක් වුව මෙදා
මේ තරම් සිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා

ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා


යනුවෙන් ආදරණීය ගීත රැසක් තිලින කල මේ ආදරණීය ගායකයා නමින් "කරුණාරත්න දිවුල්ගනේ '' ය .වඩාත් සංවේදී ත රසාඥතාවයෙන් පිරිපුන්  ජනසමාජයක් සදහා ගීතය තම ප්‍රමුඛ මාධ්‍ය ලෙස යොදාගත් මොහු මේ වන විට විශාල ගීත ප්‍රමාණයක් රසිකයන් වෙත තිලින කර ඇත.ඔය හැමෝටම ජීවිතේ හැමදාම රසවිදින්න පුලුවන් ගීත කිහිපයක් ඇති නේද.ඉතින් ඒ කිහිපය අපි හැමෝම එක්ක බෙදාගන්න පුලුවන්නම් අනිත් අයටත් ඒ ගීත රසවිදින්න පුලුවන්නේ. ඒක කොච්චර වටිනව.
අනික අපි අහල නැති එත් බොහොම සුන්දර ඒ වගේම සංවේදී ගීත කොයිතරමක් ඇද්ද..දිවුල්ගනේ ශුරීන්ගේ ගීතත් ඒ වගේම රස විදින්න පුළුවන් ලස්සන ගීත තියෙන්නෙ .ඉතින් අද මම ඔයාල එක්ක බෙදාගන්න හිතුවේ දිව්ල්ගනේ විසින් එළිදක්වනු ලැබූ " සංහිද පාමුල " නම් වූ ගීත ඇල්බමයයි.බලන්නකො මේ ගීත මොන තරම් සුන්දරද කියල..සිංදු ටික පහතින් දාල තියෙනව..ගීත ටික රසවිදින ගමන් ඔයාලගෙ අදහස් , උදහස් ,යෝජනා , චෝදනා , කමෙන්ටුවක් මගින් දාල යන්නත් අමතක කරන්න එපා.... තව දෙයක් මේ ගීත අල්බමේ තියන ගීත වලට යොදාගෙන තියන සංගීතයත් පුදුම විදිහට හිතට කාවදින ලෙස ඉදිරිපත් කරල තියෙනව.


ගීත ඇල්බමයේ ඇති ගීත පතතින් දැක්වෙන අතර එම ගීත ඇල්බමයක් වශයෙන් බාගත කර ගත හැක .... 

01- පේරැස් මුද්ද
02- හන්තාන දෙසින්
03- සුදු ඇදගෙන
04- සගවන්න එපා හසරැල්
05- මන්නාරම් බස් එක
06- ගහක මල් පිපිලා
07- එක්ටැම් මාලිගේ
08- මැනලාද  සතුට මට දෙන්නේ
09- මිනින්දෝරු කන්තොරුවෙ
10- පියෙකුගෙ දුක
11- නාඩන්න ඉතිං
12- ගේ කිරිල්ලියේ
13- මගේ දුවේ ඔබ අවදියෙන්
14- මගේ කඳුළු ඔබට විහිළු
15- යාපහුවේ පුංචි වැවට
16- ගාළු කොටුවෙ
17- දෙදරු බිසෝ
18- පාරට මල්


ගීත ඇල්බමය බාගත කිරීමට  මෙතන කොටන්න 

සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට  jsmusiclk  කියල දෙන්න 


එහෙනම් ඔයාලගේ අදහස් උදහස් කමෙන්ටුවක් වශයෙන් දාන්න  අමතක  කරන්න එපා..වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාල එකතු වෙන්න අපි එක්ක ,,ගිහින් එන්නම් එහෙනම් 


6 comments:

ගැජට් මල්ලි said...

එල, නියම වැඩක්. දිගටම කරගෙන යන්න සුභ පතනවා..

Unknown said...

fattai

Anonymous said...

ඔයා ඉස්සෙල්ලම සඳහන් කරලා තියන ගීතයට ඇත්තටම මම ගොඩක් කැමතියි..

Unknown said...

ස්තුති ඔබට

Unknown said...

නෙතට උළෙලක් විය එදා ඔබ
කදුළු බිදුවක් වුව මෙදා
මේ තරම් සිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා

Unknown said...

තැන්ක්ස්

Post a Comment